
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කටකතා පතුරුවා හැරීමේ චෝදනාව මත, චීනය ටිබෙට් ජාතිකයෙකුට වසර 11ක සිරදඬුවමක් නියමකර තිබේ.
ලැක්ඩෝර් (Lhakdor) නම් ටිබෙට් ජාතිකයකු වන ඔහු, දැනටමත් වසර හතක සිරදඬුවමක් ගෙවා ඇති නමුත්, කටකතා පැතිරවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන නැවතත් සිරදඬුවම් පනවා තිබේ.
2016 වර්ෂයේ ජූලි මාසයේදී, ලක්දෝර් කාර්ඩ්සේ සිට ලාසා දක්වා ගුවන් ගමන අතරතුර, චීන බලධාරීන් ඔහුගේ දුරකථනය පරීක්ෂා කර ඇති අතර, ටිබෙටයේ ස්වාධීනත්වයට අදාළ වීඩියෝ දර්ශන එහි තිබී සොයා ගන්නා ලදී.
අන්තර්ජාලය හරහා කටකතා පතුරුවා බෙදාහැරීමේ චෝදනා මත එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසු, ලක්දෝර්ව පාලියුල් ප්‍රාන්තයේ පිහිටි ප්‍රාදේශීය අධිකරණයකට ගෙනගිය අතර, එහිදී ඔහුට වසර 11ක සිර දඬුවමක් හිමිවිය.
එම අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ඔහු බැලීමට අවසර ලබා දී ඇත්තේ, එක් අවස්ථාවකදී පමණක් බවද වාර්තා වේ.
ලැක්ඩෝර් දැනට රඳවා සිටින නිශ්චිත රැඳවුම් මධ්‍යස්ථානය සම්බන්ධයෙන් මේවන විට පැහැදිලි තොරතුරක් නොමැති බවද එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart