
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගෝස්තු මාසයේදී මධ්‍යම යුක්රේනයේ සාප්පු සංකීර්ණයකට කඩාවැදී අහිංසකයන් 16 දෙනෙකු බිලිගත් ‘ජෙරාන්’ මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා පිටුපස චීන රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගමක සෘජු දායකත්වයක් පැවති බවට තොරතුරු අනාවරණය වේ. රුසියාවේ විශාලතම බලශක්ති සමාගමකට අනුබද්ධිත ඩ්‍රෝන නිපදවන ආයතනය වෙත චීනයෙන් කෙලින්ම තාක්ෂණික උපාංග ගෙනගිය ආකාරය පිළිබඳ තොරතුරු රුසියානු අභ්‍යන්තර ලේඛන ඇසුරින් ‘ද ටෙලිග්රාෆ්’ සහ ‘පොලිටිකෝ’ මාධ්‍ය ආයතන විසින් ප්‍රසිද්ධියට පත්කර ඇත.
චීන රාජ්‍ය සමාගමක් විසින් හමුදාමය ඩ්‍රෝන නිෂ්පාදනයට අත්‍යවශ්‍ය කොටස් මෙලෙස රුසියාවට යැවූ බවට සාක්ෂි සහිතව තහවුරු වූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මෙම තත්ත්වය හමුවේ මොස්කව් සහ බීජිං පාලනයන්ට පමණක් නොව, නව ඇමෙරිකානු පාලනාධිකාරියටද ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික ගැටලුවකට මුහුණදීමට සිදුවී ඇත.
ට්‍රම්ප්ගේ සාම නියෝජිතයන් මොස්කව්හිදී පුටින් හමුවීමෙන් අනතුරුව කියෙව් වෙත ළඟාවී ඇති අතර, චීනයට එරෙහිව සම්බාධක තදකරන බවට අනතුරු අඟවා ඇති පසුබිමක ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවද ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
යුදමය සහ සිවිල් කටයුතු යන දෙකටම යොදාගත හැකි ‘ද්විත්ව භාවිත’ තාක්ෂණය චීනය විසින් රුසියාවට ලබාදෙන බවට වොෂින්ටනය දිගින් දිගටම නැගූ චෝදනා මෙම අනාවරණයත් සමග තවදුරටත් තහවුරු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart