
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝකයට “ධනාත්මක සංඥාවක්” යවා ඇති බව පවසමින්, G20 නායකයන් විසින් දිල්ලි නුවරදී කළ ඒකාබද්ධ ප්රකාශය චීනය ප්රශංසාවට ලක්කර ඇත.
ලොව විශාලතම ආර්ථිකයන් පසුගිය ඉරිදා ඉන්දියාවේ පැවති G 20 සමුළුවේදී ඒකාබද්ධ ප්රකාශය නිල වශයෙන් අනුමත කළේ කිසිදු පාර්ශ්වයක විරෝධයකින් තොරවය.
චීනය පැවසුවේ මෙම ප්රකාශය තම අදහස් පිළිබිඹු කරන අතර ගෝලීය අභියෝගවලට මුහුණදීමට සහ සංවර්ධනය ප්රවර්ධනය කිරීමට G20 එක්ව කටයුතු කරන බව පෙන්නුම් කරන බවයි.
මෙම ප්රකාශය පිළිබඳව චීනය අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙයයි.
එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් කිහිපයක් ඒකාබද්ධ ප්රකාශය පැසසුමට ලක් කර ඇති අතර, එමගින් යුක්රේනයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් චීනයේ ප්රධාන මූලෝපායික සගයකු වන රුසියාව හෙළාදැකීම වළක්වා තිබේ.
රුසියාව ද මෙම ප්රකාශය “සන්ධිස්ථානයක්” ලෙස දකිමින් ප්රශංසා කර ඇත.
එහෙත් G20 සමුළුව නියෝජනය නොකළ යුක්රේනය, එම ප්රකාශය “ආඩම්බර විය යුතු කිසිවක්” නොවන බව පවසමින් සිය කලකිරීම ප්රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart