
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවට අවශ්‍ය කුමන වර්ගයේ යුද්ධයක් ද, තමන් ඒ සඳහා සූදානම් බව චීනය පවසයි.
චීනය මේ බව පැවසුවේ අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් චීනයට එරෙහිව වරින්වර පනවමින් තිබෙන දැඩි ආනයන තීරු බදු සඳහා ප්‍රතිචාර ලෙසයි.
ඒ අනුව, චීන ආනයන සඳහා අමෙරිකාව තීරුබදු ඉහළ නැංවීමට බොළඳ තර්ක ඉදිරිපත් කරන බව පවසමින් චීනය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.
“යුද්ධය එක්සත් ජනපදයට අවශ්‍ය නම්, අපි අවසානය දක්වා සටන් කිරීමට සූදානම්” චීන විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එම යුද්ධය තීරුබදු යුද්ධයක් හෝ වෙළඳ යුද්ධයක් හෝ වෙනත් ඕනෑම ආකාරයක යුද්ධයක් වේවා ඊට සූදානම් බව එම අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියෑන් ජනමාධ්‍ය හමුවේ පැවසීය.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙබරවාරි මාසයේදී චීන ආනයන සඳහා පනවා තිබූ 10% තීරුබදු 20% දක්වා දෙගුණයක් කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊයේ චීනය අමෙරිකානු ගොවිපළ අපනයනවල පුළුල් පරාසයක් මත 15% දක්වා තීරුබදු සමඟ ප්‍රතිප්‍රහාර එල්ල කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart