
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉදිරි චීන සංචාරය ඉතා වැදගත් බව චීනය පවසයි.
චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 සිට 17 දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව හුවා චුන්යින් සිකුරාදා නිවේදනය කළාය.
මෙම සංචාරය ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයාගේ පළමු චීන සංචාරය වන අතර චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට එය ඉතා වැදගත් වේ.
මෙම සංචාරය අතරතුර, ජනාධිපති ෂී ජින් පිං ජනාධිපති දිසානායක සමඟ සාකච්ඡා පවත්වන අතර, ඊට අමතරව ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ අගමැති ලී කියැං සහ සභාපති ෂාඕ ලෙජි ද හමුවීමට නියමිතව තිබේ.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගුඕ ජියාකුන් පවසන්නේ චීනය සහ ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ එකිනෙකාගේ මිතුරකු සහ සමීප අසල්වැසියකු වී ඇති බවයි.
කාලානුරූපී අයුරින් මිත්‍රත්වය ඉදිරියට ගෙන යෑමට, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීමට සහ චීන-ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යෑමට ජනාධිපති දිසානායකගේ ඉදිරි සංචාරය වැදගත් බව ඇය පැවසුවාය.
ජනාධිපති දිසානායක බලයට පත්වීමෙන් පසු චීනයේ කරන පළමු සංචාරය ‘එක් තීරයක් – එක් මාවතක්’ මුලපිරීම (BRI) යටතේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ගැඹුරු කිරීමට වටිනා අවස්ථාවක් සපයන බව ඇය සඳහන් කර තිබේ.
දිසානායක ජනාධිපතිවරයාගේ චීන සංචාරය පිළිබඳ ඉන්දීය මාධ්‍ය දැඩි අවධානයක් යොමු කර තිබේ.
ජනාධිපතිවරයාගේ චීන සංචාරය පිළිබඳ ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කර තිබුණේ “දිසානායකගේ චීන සංචාරය දෙසැම්බර් මාසයේ ඔහුගේ ඉන්දීය සංචාරයෙන් පසුව සිදු වේ” යනුවෙනි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ චීන සංචාරය පිළිබඳ ඉන්දීය මාධ්‍ය අවධානය යොමු කිරීම මගින් පෙනී යන්නේ ඔවුන් ඒ සම්බන්ධයෙන් දක්වන උනන්දුවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart