
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්‍රීඩා රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ සංස්කෘතික හුවමාරුව සඳහා, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මෙරට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයට අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් මකර බෝට්ටු පහක් පරිත්‍යාග කර තිබේ.
පසුගිය සෙනසුරාදා පැවති 2025 චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව කුසලාන මකර බෝට්ටු උළෙලේදී මෙම පරිත්‍යාගය නිල වශයෙන් සිදු කරන ලදී.
ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමයේ (ARASL) කෝට්ටේ දියවන්නා ඔය ආශ්‍රිත ඔරු පැදීමේ මධ්‍යස්ථානයේ පැවති මෙම ශූරතාවලියට පාසල් සහ විශ්වවිද්‍යාල කණ්ඩායම්, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සහ යාපනයේ කණ්ඩායම් පහක් ඇතුළුව තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 75 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඊට සහභාගී වී තිබිණි.
ඒ, ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් 22ක් සහ චීනයෙන් කණ්ඩායම් දෙකක් වශයෙනි.
ෂින්හුවා පුවත් සේවයට අදහස් දක්වමින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය එස්.කේ. ගමගේ චීනයේ සහයෝගයට කෘතඥතාව පළ කළේය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිත්‍රත්වය ගැඹුරු කිරීම සඳහා මකර බෝට්ටු උත්සවය වැනි උත්සව ඉතා වැදගත් බව අමාත්‍ය ගමගේ අවධාරණය කළේය.
“අපට චීනය සමඟ මිත්‍රත්වයේ දිගු ඉතිහාසයක් තිබෙනවා. එය වැඩිදියුණු කර ඉදිරියට ගෙන යෑමට අපට අවශ්‍යයි,” ඔහු පැවසීය.
රැස්ව සිටි පිරිස අමතමින් අමාත්‍ය ගමගේ තවදුරටත් පැවසුවේ, “මෙය හුදෙක් ක්‍රීඩා ඉසව්වක් පමණක් නොවේ, එය අපගේ ජාතීන් දෙක අතර මිත්‍රත්වයේ, සංස්කෘතියේ සහ සහයෝගීතාවයේ ප්‍රබල සංකේතයකි.”යනුවෙනි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං මකර බෝට්ටු උළෙලේ ගෝලීය වැදගත්කම සහ එය මූර්තිමත් කරන වටිනාකම් ගැන කතා කළේය.
“මකර බෝට්ටු ධාවන තරඟය උත්සවයේ පැරණිතම සහ සංස්කෘතික වශයෙන් වැදගත්ම සම්ප්‍රදායන්ගෙන් එකක්. එය කණ්ඩායම් ක්‍රියාකාරිත්වය, නොපසුබට උත්සාහය සහ සාමය, සංවර්ධනය සහ යුක්තිය වැනි විශ්වීය වටිනාකම් සාමූහිකව ලුහුබැඳීම සංකේතවත් කරනවා,” යැයි ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ කැනෝයිං සහ කයාකිං සඳහා වූ ජාතික සංගමයේ සභාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා, මෙම උත්සවය හැඳින්වූයේ සම්ප්‍රදාය සහ නූතනත්වය අතර පාලමක් ලෙසයි.
“මෙය ක්‍රීඩා ඉසව්වකට වඩා වැඩි දෙයක්; එය සංස්කෘතිය, උරුමය සහ වඩාත්ම වැදගත් ලෙස මිත්‍රත්වය සැමරීමක්, චීනය විසින් පරිත්‍යාග කරන ලද බෝට්ටු ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා සංවර්ධනයට, විශේෂයෙන් යාපනය වැනි ඌන සම්පත් ප්‍රදේශවල තරුණ තරුණියන්ට බෙහෙවින් උපකාරී වෙයි,”යනුවෙන් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart