
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු ඉන්දියාවට ආසන්න මුහුදේ ගිලෙමින් තිබූ චීන ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් මුදාගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාව මානුෂීය ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව චීනයේ ප්‍රසාදය පළකර ඇත.
කාර්ය මණ්ඩල සාමාජිකයන් 39 දෙනෙකු සමඟ ‘ලුපෙන්ග් යුවාන්යු 028’ දරන චීන ධීවර යාත්‍රාව පසුගිය අඟහරුවාදා (16) ඉන්දියන් සාගරයේදී පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ.
චීන නාවිකයන් 17 දෙනෙකු, ඉන්දුනීසියානුවන් 17 දෙනෙකු සහ පිලිපීන ජාතිකයන් 05 දෙනකු සමඟ ගැඹුරු මුහුදේ ධීවර යාත්‍රාව පෙරළී ඇති බව අන්තර්ජාතික ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දියානු නාවික හමුදාව මැයි 17 වැනි දින “කඩිනම් මානුෂීය ක්‍රියාමාර්ගයක්” ප්‍රකාශ කරමින්, ඉන්දියාවේ සිට නාවික සැතපුම් 900 ක් පමණ දුරින් දකුණු ඉන්දීය සාගර කලාපයේ මෙම අනතුරට පත් යාත්‍රාව වෙත ලඟාවී තිබේ.
ඉන්දීය නාවික හමුදාව සිය මෙහෙයුම පිළිබඳව පළකළ ට්විටර් පණිවුඩයකට ප්‍රතිචාර දක්වමින් නවදිල්ලියේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ මෙම “කාලානුරූපී උපකාරය සැබවින්ම අගය කරමි!” යනුවෙනි.
චීනය ඉන්දියන් සාගරයේ සිය මිලිටරි මෙහෙයුම් ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින බවට ඇති කනස්සල්ල මධ්‍යයේ ඉන්දියාව සහ චීනය යන දෙපාර්ශවය ප්‍රතිවාදීන් වී ඇත.
මේ වන විට ශ්‍රී ලංකාව මෙම ආසියාතික යෝධයන් දෙදෙනා අතර භූ-දේශපාලනික යුද්ධයේ කේන්ද්‍රස්ථානය වී තිබේ.
ඉන්දියාව විසින් දිගින් දිගටම ශ්‍රී ලංකාව තුළ ඉහළ යමින් පවතින චීන බලපෑම පිළිබඳව අනතුරු අඟවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart