
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමතුලිතතාවත් සමඟ අවිවාහක පිරිමි පුද්ගලයන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව එරට වාර්තා සඳහන් කරයි.
ඒ අනුව, අවිවාහක පිරිමි පුද්ගලයන් විවාහ කර දීමට උදව් කරන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබා දෙන බව වාර්තා වේ.
Shaanxi, Guangdong යන ඇතැම් චීන පළාත් පාලන ආයතනවල අවුරුදු 30ත් 45ත් අතර ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර විවාහයක් සිදු කරන අයට යුවාන් 600 සිට 1,000 දක්වා (ඇමරිකානු ඩොලර් 84 සිට 140 දක්වා) ත්‍යාග පිරිනමන බව ප්‍රකාශ කර ඇත.
2020 දී සිදු කරන ලද සංගණනයකට අනුව, චීනයේ පිරිමින් මිලියන 722ක් සහ කාන්තාවන් මිලියන 690ක් සිටින බවට අනාවරණය වී ඇත.
2021 දී චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, ස්ත්‍රී පුරුෂ අනුපාතය ග්‍රාමීය ප්‍රදේශවල සෑම කාන්තාවන් 100 කටම පිරිමින් 108 ක් පමණ වන බව දක්වයි.
චීනයේ එක් දරු ප්‍රතිපත්තිය මෙම සමාජ ගැටලුවට වගකිව යුතු බවට චෝදනා එල්ල වේ.
සමහර විශ්ලේෂකයන් චීනයේ අවිවාහක පිරිමින්ගේ වැඩිවීම තරුණයන් අතර ඉහළ විරැකියා අනුපාතයට සම්බන්ධ කරන අතර, රැකියාවක් නොමැති තරුණයන්ට තම පවුල් නඩත්තු කිරීම දුෂ්කර බැවින් තනිකඩව සිටීමට කැමැත්තක් දක්වන බව සවුත් චයිනා මෝනිං පෝස්ට් පවසයි.
2023 දෙසැම්බර් මාසයේදී චීනයේ වයස අවුරුදු 16 සිට 24 දක්වා තරුණ තරුණියන් සඳහා විරැකියා අනුපාතය 14.9% ක් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart