
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව, සැම්බියාව සහ ඝානාව යන රටවල ණය ගෙවීම් පැහැර හැරීම දිගින් දිගටම පැවතුණහොත්, පවතින ආර්ථික අර්බුදය හමුවේ ළදරු මරණ ඉහළ යනු ඇති අතර, පුද්ගල ආයු කාලය පහත වැටෙන බව අධ්‍යනයකින් සොයා ගෙන ඇත.
පර්යේෂකයන් වන Clemens Graf von Luckner සහ Juan Farah-Yacoub විසින් කරන ලද අධ්‍යයනයට අනුව, මෙම රටවල ණය අර්බුද නොපැවති සමයට වඩා ණය පැහැරහැරීම් සිදුවන වර්තමාන කාලසීමාවේ ළදරු මරණ සියයට 2.2 කින් වැඩි වී ඇත.
රටවල් වසර තුනකට වඩා වැඩි කාලයක් ණය පැහැරහැරීම් ඇදී ගිය සහ දශකයක කාලයක් පැවති පැහැර හැරීම්වලදී, ළදරු මරණ අනුපාතය සියයට 11.4කින් වැඩිවන බවත්, ආයු කාලය සියයට 1.5 කින් අඩුවන බවත්, ඔවුන් සොයා ගෙන තිබේ.
කොවිඩ්-19 වසංගතය නිසා සැම්බියාව ඇතුළු රටවල් ගණනාවක් ණය ගෙවීම් පැහැරහැරි නිසා මෙන්ම, ගෝලීය පොලී අනුපාත ඉහළයෑම සහ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් සහ උද්ධමනයෙන් දැඩි අර්බුදයට ගමන්කර ඇත.
2020 වසරේ දී වසංගතයට ප්‍රතිචාර වශයෙන්, G20 ජාතීන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියක් දියත් කර ඇත.
එය සැම්බියාව, ඉතියෝපියාව, චැඩ් සහ ඝානාව විසින් භාවිත කර ඇති නමුත්, චීනය සහ බහු වාණිජ ණයදෙන්නන්ගේ සාකච්ඡා සංකීර්ණ කරමින් තවමත් එය සාර්ථකත්වයක් ලබාගෙන නොමැති බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart