
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනය ශික්ෂණ රෝහලේදී දරුවකු ප්‍රසූත කළ පහළොස් හැවිරිදි ළමා මවක් ප්‍රසූත කළ දරුවා රෝහලේම දමා 11 දා පළාගොස් තිබේ.
යාපනයේ, වඩමාරච්චි, තුන්නාලේ ප්‍රදේශයේ පදිංචි බවට ලිපිනයක් ලබා දී ඇති මෙම පහළොස් හැවිරිදි ගැබිනි දැරිය යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් වී ඇත්තේ සිය මව ද සමඟය.
ගැබිනි දැරියට පිරිමි දරුවකු ලැබෙන තුරු මව ද එම දියණිය සමඟ රෝහලේම සිට ඇත.
දරුවා ප්‍රසූත කිරීමෙන් පසුව ඇය අඩු වයස් ගැබිනි මවක් වීමත් ඇය ළමා වයසේ පසුවන්නියක් නිසාත් පොලිසියට ඇගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව දැනුම් දී තිබේ.
ඊට කැමැත්ත පළකළ එම ළමා මව වැසිකිළි ගොස් විනාඩි කිහිපයකින් අදාළ ස්ථානයට පැමිණෙන බව පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇතත් ඇය පැමිණ නැත.
පසුව මේ ගැන විපරම් කොට බැලීමේදී අලුත උපන් දරුවා ඇඳ මත තබා ළමා මවත් ඇගේ මවත් රෝහලෙන් පළාගොස් ඇති බව තහවුරු වී තිබේ.
වාට්ටුව භාර වෛද්‍යවරයා විසින් මේ බව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
රෝහලට ඇතුළත් වීමේදී ඇය විසින් ලබා දී ඇති සෑම තොරතුරක්ම ව්‍යාජ තොරතුරු බවට පොලිසියට ඒත්තු ගැන්වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය රෝහල් පොලිසියත් යාපනය පොලිසියත් පරීක්ෂණ පවත්වාගෙන යයි.
මව නොමැතිව වාට්ටුවේ අතරමංවී සිටින බිළිදා නිසා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රසව වාට්ටුවේ කාර්යමණ්ඩලය ද අතරමංව සිටිති.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart