
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇඹිලිපිටිය නගරයේ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු පැහැරගෙන පළායමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනකු ඇතුළු සිව්දෙනකුගෙන් සමන්විත සංවිධානාත්මක කණ්ඩායමක් පොලිස් නිලධාරීන් විසින් නගර මධ්‍යයේදීම අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනාගෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා සොහොයුරන් වන අතර ඔවුන් අතුරුගිරිය සහ මීගොඩ පොලිසිවල රාජකාරි කරන බව පොලිසිය පවසයි.
පැහැරගැනීමට ලක්වූ 16 හැවිරිදි ශිෂ්‍යයාගේ පියා ඇඹිලිපිටිය නගරයේ අමතර පංති පවත්වන ගොඩනැඟිල්ලක හිමිකරුවෙකි.
ඊයේ දහවල් මෙම ශිෂ්‍යයා ඇඹිලිපිටිය නගරයට පැමිණි අවස්ථාවේ මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් ඔහු බලහත්කාරයෙන් එහි දමාගෙන පැහැරගෙන ගොස් ඇත.
එහිදී නගරවාසීන් වහා ක්‍රියාත්මක වී පොලිසිය දැනුවත් කර ඇති අතර නගරයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඔවුන් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පාසල් ශිෂ්‍යයා සතුව තිබූ මුදල් ද කොල්ලකා ඇති අතර පසුව ඒවා පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම සැකකරුවන් කුමන හේතුවක් නිසා දරුවා පැහැරගෙන ගියේ යන්න මෙතෙක් හෙළිවී නොමැත.
සැකකරුවන් පවසා ඇත්තේ තමන් එනු දුටු ශිෂ්‍යයා කලබලයට පත්ව දිවයෑම නිසා ඔහු අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදීමට රැගෙන ගිය බවයි.
එහෙත් පොලිසිය සැකකරුවන්ගේ ප්‍රකාශ පිළිනොගන්නා අතර ඔවුන් සැබවින්ම දරුවා පැහැරගෙන ගියේ මන්දැයි සොයා විමර්ශන ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart