
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නෙළුව, කිනියාවල, ධනවල ප්‍රදේශයේ පදිංචි එකොළොස් හැවිරිදි පාසල් දරුවකු බැලුම් බෝලයක් සිරවීමෙන් මියගොස් ඇති බැව් නෙළුව පොලිසිය පවසයි.
පෙරේදා (19) පස්වරුවේ මියගිය පාසල් දරුවා සිය නැගණිය සමග නිවසේ සෙල්ලම් කරමින් සිට ඇත.
එහිදී මෙම දරුවා බැලුම් බෝලයක් මුඛයේ රඳවාගෙන සෙල්ලම් කරමින් සිට තිබේ.
එහිදී බැලුම් බෝලය දරුවාගේ උගුරේ සිරවී ඇති අතර, ඔහු නෙළුව රෝහලට ඇතුළත් කොට තිබේ.
රෝහලට ඇතුළත් කරන විටත් දරුවා මියගොස් සිටි බැව් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ නෙළුව ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක පහ ශ්‍රේණිය ඉගෙනූ ලබන සිසුවෙකි.
මියගිය පාසල් සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (20) උඩුගම රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart