
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිසුසැරිය බස් රථයක පාසල් යමින් සිටි වයස අවුරුදු 15ක දැරියක් අතරමගින් බස්සවාගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන කියන සිසුසැරිය බසයේ කොන්දොස්තරවරයා කුලියාපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වැවගම කුලියාපිටිය සිසුසැරිය බස් රථයේ කොන්දොස්තරවරයා වූ වැවගම කොස්ගහමුල හන්දියේ පදිංචි විවාහක දෙදරු පියකු පෙරේදා (11 දා) එලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.
දැරියගේ මව සේවය කරන පාසල නිමවී නිවසට පැමිණි අවස්ථාවේ දැරිය නිවසේ සිට නැති බව දැන, ඒ පිළිබඳව සැක සිතූ මව දැරියගේ යෙහෙළියන් අමතමින් සෙවීමේදී, දැරිය එදින පාසල් ගොස් නොමැති බව අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව වැඩිදුරටත් සොයාබැලීමේදී සැකසහිත කරුණු රැසක් හෙළිවීම නිසා දැරිය කැටුව පැමිණ පොලිසියට පැමිණිලි කිරිමේදී පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඇය සියල්ල පවසා ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වින්දිත දැරිය මේ වනවිට වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට යොමුකොට ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart