
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත ගම්පොළ මූලස්ථාන පොලිස් පරීක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අල්ලස් කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ පැමිණිල්ලකට අනුව, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා 2024.10.25 දින අල්ලස් කොමිසමට ගොස්, පැමිණිලිකරුට එරෙහිව අල්ලස් කොමිසමේ ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෝටර් රථයට ඉන්ධන පොම්ප කිරීමට සහ ගමන් වියදම් සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් 20,000ක අල්ලසක් ඉල්ලා ඇති බව සඳහන් වේ.
ඒ අනුව, අල්ලස් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ගම්පොළ ප්‍රදේශයේ අවන්හලකදී අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart