
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජගිරිය KFC අලෙවිසැලේ නරක් වූ කුකුළු මස් අලෙවි කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව එහි තිබූ කුකුළු මස් තොගයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විනාශ කර ඇත.
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, තමන් මිලදීගත් කුකුල් මස්වලින් දුගඳක් හමන බවට පාරිභෝගිකයකුගෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි.
“පසුව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කඩිනමින් අලෙවිසැලට ගොස් නරක් වූ බවට විශ්වාස කරන කුකුළු මස් තොගයක් ඉවත් කළා” යැයි ඔහු සඳහන් කර ඇත.
කෙසේවෙතත්, වැඩිදුර පරීක්ෂණ සඳහා කුකුළු මස් සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසා තිබේ.
ඔහුට අනුව නියැදියේ ප්‍රතිඵල නිකුත් කිරීමට අවම වශයෙන් දින 10 ක් ගත විය හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart