
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්ධනවලින් නිකුත් වන කාබන් විමෝචනය හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා චීන රජය ශ්‍රී ලංකාවට විදුලි බස් රථ 100ක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.
මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් සමඟ (23) පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං මේ බව පැවසීය.
කොළඹ-මහනුවර සහ කොළඹ-ගාල්ල මාර්ගවල බස් සේවා ක්‍රියාත්මක කිරීමට මෙම බස් රථ භාවිත කරනු ඇති බව ඔහු පැවසීය.
විදුලි බස් රථ චීනයේ බහුලව භාවිත වන අතර ඒවායේ වටිනාකම ඇමරිකානු ඩොලර් 225,000ක් පමණ වන බව ඔහු පැවසීය.
විදුලි බස් රථ භාවිතයට මාරුවීම සඳහා චීන රජය ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය නඟා සිටුවීම සඳහා චීනය මෙම වසරේ පාසල් නිල ඇඳුම් රෙදි මීටර් 15ක් පරිත්‍යාග කළ බවත් පාසල් 500ක් සඳහා ස්මාර්ට් පන්ති කාමර 900ක් ලබා දුන් බවත් ඔහු පැවසීය.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට සහ එහි ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට චීනය අඛණ්ඩව උපකාර කරන බව තානාපතිවරයා තවදුරටත් පැවසීය.
පසුව චීන තානාපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහ නාහිමියන් බැහැ දුටුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart