
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චොකලට් තුළ සඟවා කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ආ ජාවාරමක් අනාවරණය කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ.
එම ජාවාරමට සම්බන්ධ තුන්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම වැටළීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09ක් සොයාගෙන තිබේ.
එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්න බවට වාර්තාවෙයි.
කටුනායක දී අත්අඩංගුවට ගත් සැකකාර යුවළ සහ කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් සැකකරු සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.
දීර්ඝ කාලයක් තිස්සේ චොකලට් සහ රසකැවිලි තුළ සඟවා ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක දක්වා මෙලෙස අයිස් මත්ද්‍රව්‍ය රැගෙනවිත් ඇති බව සැකකරුවන් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ඇති බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart