
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනයේ චෙම්මනි සමූහ මිනීවලෙන් මේ වන විට සොයාගෙන ඇති අස්ථි කොටස් සංරක්ෂණය කිරීම සඳහා සඳහා පියවර ගත යුතු බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් පවසයි.
සිය ‘X’ ගිණුමෙහි අදහස් දක්වමින්ම, ඊයේ වන විට අස්ථි කොටස් 33 ක් හමුවී ඇති සමූහ මිනීවළ සම්බන්ධයෙන් සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු හතරක් පිළිබඳ මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.
ඒ අනුව, මන්ත්‍රීවරයා පවසන්නේ, කොක්කුත්තොඩුවෙයි භූමියේ වර්ෂාපතනයෙන් සහ ජලය බැසයාමෙන් මිනීවළ ආරක්ෂා කිරීම සඳහා තාවකාලික, එහෙත් ශක්තිමත් ව්‍යුහයන් ඉදිකර ඇති නමුත්, චෙම්මනි සමූහ මිලීවලට ඇත්තේ සෙවණ සපයන මූලික ඉදිකිරීමක් පමණක් බවයි.
එබැවින් ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති නිසා එහි අස්ථි කොටස්වලට තවදුරටත් හානි සිදුවිය හැකි බව ඔහු පෙන්වාදෙයි.
ජනමාධ්‍යවේදීන්ට දිනකට දෙවතාවක් ඊට ප්‍රවේශ වීමට අවසර ලබාදෙන බවට අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ප්‍රකාශ කළද, මේ වන විට ජනමාධ්‍යවේදීන්ට සෑම දිනකම පස්වරු 4.30ට විනාඩි පහක කාලයක් පමණක් ලබාදෙන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
චෙම්මනි සමූහ මිනීවල ආශ්රිත ප්‍රදේශයේ ආරක්ෂාව පොලිසියේ සහ ප්‍රාදේශීය සුසානභූමියේ සේවකයන් යොදවා සිටින බව වාර්තා වන බව හෙළිකළ රාසමානික්කම් මන්ත්‍රීවරයා, එවැනි ආරක්ෂාවක් ප්‍රමාණවත්ද යන්න සහ එය ක්‍රියාවලියේ අඛණ්ඩතාව කෙරෙහි මහජන විශ්වාසයට බලපාන්නේද යන්න පිළිබඳ ප්‍රශ්න තවමත් පවතින බව පැවසීය.
චෙම්මනි සමූහ මිනීවල ආශ්‍රිතව මෙතෙක් සීසීටීවී කැමරා නොමැතිවීම පිළිබඳව ද මන්ත්‍රීවරයා සිය අවධානය යොමුකළේය.
කෙසේවෙතත්, චෙම්මනි හි සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වන සීසීටීවී නිරීක්ෂණ තිබීම විනිවිදභාවය වැඩිදියුණු කිරීමට සහ මහජන විශ්වාසය පවත්වා ගැනීමට උපකාරී වනු ඇතැයි ද ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart