August 31, 2023

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පවරන ලද නඩුවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන රැදී සිටි නිල නිවසෙන් ඔහුව ඉවත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව යළි සළකා බලන මෙන් මන්ත්‍රීවරයාගේ නීතිඥවරුන් මෝසමක් මගින් කරුණු දක්වමින් ඉල්ලා සිටි අවස්ථාවේදී නඩුව සැප්තැම්බර් 19 දින යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය.

මානව හිමිකම් කොමිසම විසින් ලබාදුන් තීන්දුවකට අනුව මන්ත්‍රීවරයා අදාළ නිල නිවසේ රැඳී සිටි බවත්, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රැදී නොසිටි බවත් නිතිඥවරු එහිදී පෙන්වා දුන්හ.

ඒ අනුව අධිකරණය කරුණු සළකා බැලීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නොතීසි නිකුත් කරන ලදී.

චන්න ජයසුමන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අතර දැනට රැදී සිටින නිවස සඳහා අදාළ බදු කුලියද නිසි පරිදි ගෙවා ඇති බවත් එහිදී ප්‍රකාශ කෙරිණි.