
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සාමාජික රටවල් තුනක් ලෝක කුසලාන තරඟාවලියේ කාලසටහනේ වෙනසක් සිදුකරන මෙන් ඉල්ලා එම කවුන්සිලය වෙත ලිපියක් යොමු කර ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා සඳහන් කරයි.
මේ වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රධානම ප්‍රතිවාදීන් වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය නැවත කාලසටහන්ගත කළ යුතු බවට විවධ පාර්ශව විසින් යෝජනා කිරීමෙන් දිනකට පසු, සාමාජික රටවල් තුනක් විසින් ක්‍රිකට් කවුන්සිලය වෙත මෙසේ ලිපියක් යොමු කර ඇති බව ලේකම්වරයා පවසයි.
කාලසටහනට අනුව, ඉන්දියාව සහ පාකිස්ථානය ලොව විශාලතම ක්‍රීඩාංගණය වන අහමදාබාද් ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් 14න් පසු දිනෙක ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.
එමෙන්ම ඔක්තෝබර් 15 වැනිදා නවරාත්‍රි සැමරුම් ආරම්භක දිනය බැවින්, ආරක්ෂක නිලධාරීන් දැඩි ලෙස යෙදවීම අවශ්‍ය වන නිසා, තරගය නැවත කාලසටහන්ගත කළ යුතු බවට ආරක්ෂක ආයතන උපදෙස් දී ඇති බව ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුලාශ්‍ර සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart