
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ඉතිහාසයේ කාන්තාවක් එම තනතුරට පත් වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින්, වැඩ බලන ජනාධිපති ලේකම්වරිය ලෙස චාන්දනී විජේවර්ධන පත්කර තිබේ.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා සමඟ පිටත්ව යෑම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකර ඇත.
මෙම තීරණය අද (20) ප්‍රකාශයට පත් කර ඇති අතර, සමන් ඒකනායක දිවයිනට පැමිණෙන තෙක් එය බල පැවැත්වෙනු ඇත.
දක්ෂ ජ්‍යෙෂ්ඨ සිවිල් සේවිකාවක වන චාන්දනී විජේවර්ධන මේ වන විට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරියක ලෙස කටයුතු කරමින් සිටී.
ඇයගේ වෘත්තීය ජීවිතය 1994 දී ශ්‍රී ලංකා සැලසුම් සේවයට සම්බන්ධවීම දක්වා දිවයයි.
එසේම අමාත්‍යාංශ ගණනාවක ජ්‍යෙෂ්ඨ තනතුරු දැරූ චාන්දනී විජේවර්ධන, 2015 වසරේ සිට 2019 වසර දක්වා සංවර්ධන උපායමාර්ග හා අන්තරජාතික වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ද කටයුතු කරනු ලැබුවාය.
ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය, රුහුණ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇති අතර, නෙදර්ලන්තයේ හෙග් විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියකද වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart