
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැයි මාසයේ අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ (ICC) කාන්තා ක්රීඩිකාව සම්මානය වෙනුවෙන් ශ්රී ලංකාවේ ක්රීඩිකාවන් දෙදෙනකු නිර්දේශ වී ඇත. ඒ ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ හර්ෂිතා මාධවී ය.
චමරි අතපත්තු බංග්ලාදේශයට එරෙහිව එක්දින සහ T20 තරඟාවලි දෙකෙහිම හොඳින් ලකුණු ලබාගනිමින් තරඟාවලි ජයග්රහණ සඳහා පෙරමුණ ගනු ලැබීය.
T20 තරඟ වටයේ තරඟාවලියේ ක්රීඩිකාව ලෙස සම්මානයට ද පාත්ර වූ ඇගේ සගයා වූ හර්ෂිතා මාධවී තරඟාවලි දෙකේදීම තීරණාත්මක දායකත්වයක් ලබාදුන්නාය.
සම්මානය සඳහා නිර්දේශිත අනෙක් ක්රීඩිකාව තායිලන්තයේ Thipoatcha Putthawong ය.
ඇය අග්නිදිග ආසියානු ක්රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගැනීමට තායිලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් විශිෂ්ට දස්කම් දැක්වූවාය.
ICC ක්රිඩකයා සම්මානය සඳහා මැයි මාසයේ නිර්දේශ වී සිටින්නේ පාකිස්ථාන නායක බාබර් අසාම්, බංග්ලාදේශයේ නජ්මුල් ෂැන්ටෝ සහ අයර්ලන්තයේ හැරී ටෙක්ටර් ය.
ලොව පුරා සිටින රසිකයින්ට ජයග්රාහකයන් තීරණය කිරීම සඳහා icccricket.com/awards ඔස්සේ ඔවුන්ගේ ඡන්දය ප්රකාශ කිරීමට සෙනසුරාදා දක්වා අවස්ථාව හිමිවෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart