
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනප්‍රිය ගායක චාමර වීරසිංහගේ රසිකයන් කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයට ‘දස වදයක්’ වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සොයාබැලීම සඳහා රසිකයන් නිරතුරුව වෛද්‍යවරුන්ට බාධා කිරීම නිසා මෙම තත්ත්වය උදා වී ඇති බව ඔහු සඳහන් කරයි.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දැන ගැනීමට නොහැකිව ඔහුට ආදරය කරන රසිකයන් කණස්සල්ලෙන් පසුවන බැවින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කරුණු කිහිපයක් ලබාදීමට තමන්ට හැකි බව වෛද්‍යවරයා පවසයි.
ඒ අනුව, චාමර වීරසිංහ තවමත් දැඩි සත්කාර ඒකකයේ පසුවන බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට ඉහළම ප්‍රතිකාර සිදුකරන බවත්, හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයා ජනමාධ්‍ය හමුවේදී පැවසූ කරුණු පහත වීඩියෝවෙන් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart