
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 කින් වැටුප් වැඩිකර ගෙන ඇතැයි කියන කාරණය සම්බන්ධයෙන් එම බැංකුවේ ප්‍රධානීන් ළගදීම කැඳවා ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව ඇතුළු කමිටු කිහිපයක් තීරණය කර ඇතැයි වාර්තා වේ.
‘ලංකාදීප’වාර්තා කර ඇති ආකාරයට, මෙලෙස වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත.
සාමාන්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමට යෝජනා කරන විට විරුද්ධ වන ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ ආකාරයට තමන්ට බෙදාගැනීම අසාධාරණ හෙයින් ඒ ගැන වහා සොයා බලන්නැයි එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදීද ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීමේ පියවර දැඩි ලෙස විවේචනය කළහ.
මේ කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
එහිදී ඊට ප්‍රතිචාර දැක්වූ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසුවේ එසේ කටයුතු කිරීමට පාර්ලිමේන්තු මුදල් කමිටුවට කැඳවීමට අවස්ථාව ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අනූ දෙනකු රට හැර ගොස් ඇති හෙයින් එම ප්‍රශ්නයටද විසඳුම් ලබාදිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් ඔවුන්ගේ වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම සදාචාරාත්මක නොවන බවත් රට දැනුවත් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart