
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් 11% සහ 12% මට්ටමේ තවදුරටත් ක්‍රියාත්මක වනු ඇත.
කෙසේ වෙතත්, වෙළඳපල පොලී අනුපාත ඉහළ මට්ටමක පවතින අතර වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූල නොවන බව මුදල් මණ්ඩලය නිරීක්ෂණය කර තිබේ.
එපමණක් නොව, සමස්ත වෙළෙඳපොළ ණය පොලී අනුපාතවලට අනුකූලව වඩා වේගවත් අඩුවීමක් මණ්ඩලය අපේක්ෂා කරයි.
එම කරුණු සලකා බලා වෙළෙඳපොළ පොලී අනුපාත සම්බන්ධයෙන් ඉලක්කගත පරිපාලන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත්, සියලු රුපියල් ණය පොලී අනුපාත අඩු කිරීමට බලපත්‍රලාභී බැංකුවලට සුදුසු නියෝග යොමු කිරීමටත් මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව උකස් පහසුකම් සඳහා වාර්ෂිකව 18%ක උපරිම පොළී අනුපාත සීමාවක් පැනවීම ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
තාවකාලික අයිරා මත වාර්ෂිකව සියයට 23ක සීමාවක් සහ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් මත වාර්ෂිකව 28%ක පොළී සීමාවක් පැනවීමටත් මහ බැංකුව තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart