
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනප්‍රිය ගායිකා සෙලින් ඩියෝන්(Celine Dion) ඉදිරි වසර දෙක සඳහා වන තමාගේ සියලු සජීවී ප්‍රසංග අවලංගු කර තිබේ.
දුර්ලභ ස්නායු ආබාධයකින් පෙළෙන බව හඳුනාගැනීමෙන් පසු, තවදුරටත් තමාට සංචාරය කිරීමට තරම් ශක්තියක් නොමැති බව සෙලින් ඩියෝන් රසිකයින්ට පවසා ඇත.
සෙලින් ඩියෝන් පසුගිය වසරේ හෙළි කළේ තමා දරුණු Stiff-Person Syndrome (SPS) නම් රෝගයෙන් පෙළෙන බවත්, එය ඇගේ ගායනයට බලපාන බවත්ය.
ඒ අනුව සෙලින් ඩියොන් දැන් 2023 සහ 2024 සඳහා සැලසුම් කර තිබූ සියලුම සංදර්ශන අවලංගු කර ඇත.
සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් 55 හැවිරිදි සෙලින් ඩියොන් රසිකයින්ට මෙසේ පවසා ඇත.
“එයින් මගේ හදවත බිඳී ගියත්, නැවත වේදිකාවට පැමිණීමට මම සැබවින්ම සූදානම් වනතුරු අපි සියල්ල අවලංගු කිරීම වඩාත් සුදුසුය.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart