
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලිබිල අඩු කිරීමේ යෝජනාව ලබන ජනවාරි 15 වැනිදා ලබාදෙන බව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසයි.
යෝජනා ලැබීමෙන් අනතුරුව මහජන මත විමසුමක් සිදුකරන බව එම කොමිසම සඳහන් කරයි.
ඉන් අනතුරුව විදුලි බිල අඩු කිරීමේ නිර්දේශ ලබාදෙන බව එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත.
පෙබරවාරි දෙවැනි සතිය වනවිට විදුලිබිල අඩුකිරීමේ යෝජනා සඳහා අනුමැතිය ලබාදීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
මේ අතර, විදුලිබල මණ්ඩලයේ කටයුතු ස්වාධින ආයතනයක් මගින් විගණනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව එහි පාලනාධිකාරිය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබේ.
එම ස්වාධීන විගණනය අප්‍රේල් මාසය වනවිට අවසන් කිරීමට අපේක්ෂිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart