
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලිබල මණ්ඩලය වෙත රජයෙන් ලබා දී ඇති රුපියල් බිලියන 372ක ණය, රජයේ හිමිකම් ආයෝජනයක් බවට පරිවර්තනය කිරීමට තීරණය කර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ 2022 දෙසැම්බර් 31 මූල්‍ය ප්‍රකාශනයෙහි මේ බව සඳහන් කර ඇත.
විදුලිබල මණ්ඩලයේ ණයබර අඩුකිරීමේ පියවරක් ලෙසින් මහා භාණ්ඩාගාරය විසින් මෙම තීරණය ගෙන ඇති බව, මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දෙමින් මණ්ඩලය පවසයි.
මෙම රුපියල් බිලියන 372ක ණය තුළ නොරොච්චෝලේ බලාගාරය සඳහා වන ණය සේවාකරණයන් සහ නොරොච්චෝලේ සහ තවත් ව්‍යාපෘති 07ක් සඳහා ශ්‍රී ලංකා රජය, විදුලිබල මණ්ඩලය වෙනුවෙන් එළඹ ඇති ණය ගිවිසුම් අන්තර්ගත වන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart