
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලි බිල ඉහළ දැමීමට අවසර දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසමට යළි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.
මේ වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනයට නොහැකි වීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක පිරිවැයක් වැය වූ බවත්, එම නිසා මෙම ඉල්ලීම සිදුකළ බවත්, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා සඳහන් කර ඇත.
ලංවිමට අනුව මේ වසරේ අපේක්ෂා කළ ජල විදුලි ධාරිතාව ගිගා වෝට් පැය 4500කි. එහෙත් ලබාගැනීමට හැකිව ඇත්තේ, ගිගා වෝට් පැය 3750 ක් පමණක් බව සාමාන්‍යාධිකාරිවරයා පෙන්වාදෙයි.
ඒ අනුව ගිගා වෝට් පැය 750 ක් අතිරේකව තාප බලාගාරවලින් ලබා ගැනීමට සිදුවූ අතර ඒ සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ බව ඔහු සඳහන් කරයි.
පවතින තත්ත්වය හමුවේ විදුලි නිෂ්පාදනයට වැය වූ අතිරේක මුදල පියවා ගැනීමට විදුලි බිල වැඩිකිරීමේ මෙම ඉල්ලීම පෙරේදා දිනයේ සිදු කළ බව සාමාන්‍යාධිකාරිවරයා පවසයි.
ඊට අදාළ සවිස්තරාත්මක දත්ත ලබන ලබන සඳුදා දිනයේ මහජන උපයෝගිතා කොමිසමට ලබාදෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර, සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ (LECO) සියලුම විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කෙරෙන බව එම සමාගම පවසයි.
2023 සැප්තැම්බර් 08 සිට එය ක්‍රියාත්මක වෙනු ඇත.
ඒ අනුව සැප්තැම්බර් මස බිල්පත්වලින් එය පිළිබිඹු වන බවද අදාළ LECO සමාගම පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart