
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ මැඩලීමේ පියවරක් ලෙස ව්‍යාපාරික ස්ථාන සහ නිවාසවල සවිකර ඇති CCTV කැමරාවල දර්ශන එම ස්ථානවල හිමිකරුවන්ගේ කැමැත්ත ඇතිව නිරීක්ෂණය කිරීම ළඟදීම ඇරඹීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරමින් සිටියි.
මේ යටතේ ඔවුන් නිරීක්ෂණය සඳහා යොදා ගැනීමට නියමිතව ඇත්තේ ප්‍රධාන මාර්ග සහ පොදු ස්ථානවලට මුහුණලා ඇති කැමරා දර්ශන පමණි.
අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ පොලිසිය මේ වන විට CCTV දර්ශන නිරීක්ෂණය කිරීමට භාවිත කළ හැකි යෙදවුමක්(App) නිපදවමින් සිටින බවයි.
ප්‍රධාන මාර්ගවලට මුහුණලා ඇති තෝරාගත් කැමරාවලට ප්‍රවේශය ලබාදීමේදී අපරාධ සහ රථවාහන වැරදිකරුවන් මර්දනය කිරීමට ඉවහල් වන බැවින් මහජන සහයෝගය අපේක්ෂා කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
පොලිසිය සහ රාජ්‍ය ආයතන විසින් සවිකර ඇති කැමරාවලින් CCTV දර්ශන නිරීක්ෂණය කිරීමෙන් පසු අපරාධ සහ රථවාහන වැරදි මැඩලීමේදී ලබා ඇති සාර්ථකත්වය සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
පැය විසිහතර පුරා CCTV දර්ශන අධීක්‍ෂණය කරන පොලිසියේ මෙහෙයුම් මැදිරිය අපරාධ නඩු විසඳීමට දායක වී රථවාහන වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට හේතු වී ඇත.
CCTV දර්ශන නිරීක්ෂණය කර වාහන හිමිකරු දැනුවත් කිරීමෙන් පසු මාර්ග නීති කඩකරන්නන්ට එරෙහිව නඩු පැවරීමේ ක්‍රමවේදයක් පෙබරවාරි මාසයේදී පොලිසිය විසින් හඳුන්වා දෙන ලදී.
නව ක්‍රමය හඳුන්වාදීමෙන් පසු මාර්ග නීති කඩකර කැමරාවලට හසුවූ පුද්ගලයන් 4,354 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.
මෙහෙයුම් මැදිරිය රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 82,438ක් ගොනු කර තිබූ අතර CCTV කැමරා සවිකළ ජංගම ඒකකය මගින් මාර්ග නීති කඩ කිරීම් 38,075ක් අනාවරණ කරගෙන ඇත.
මෙහෙයුම් මැදිරිය සහ ජංගම ඒකකය යන දෙකම අපරාධ නඩු 2,313ක් විසඳීමට උපකාර කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart