
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පසුගිය සතියේ බදාදා බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි විය.
උත්සවයේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා විධිමත් ලෙස ජාතික ධජය එසවූ අතර අලුත් අවුරුද්දේ පළමු වැඩ දිනය ආරම්භ කරමින් කාර්ය මණ්ඩලය ඇමතීය.
අනතුරුව ජනමාධ්‍ය වෙත කෙටියෙන් අදහස් දැක්වීමටද නියෝජ්‍ය ඇමැතිවරයා කටයුතු කළේය.
කෙසේවෙතත් පසුව උකුසු ඇසින් බලා සිටි පිරිසකගේ අවධානයට ලක්වූයේ, නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඔසවන ලද ජාතික කොඩිය වම දකුණ මාරුවීම හේතුවෙන් වැරදි දෙසට කොඩිය සවිකර තිබීමයි.
එනම් කොඩියේ කඩුවක් සහිත සිංහයා කොඩි කණුවේ එල්ලා තිබුණේ වලිගයෙනි.
නියෝජ්‍ය අමාත්‍යවරයා කොඩි කණුවේ සවිකර තිබූ ධජය එසවූ අතර, වැරැද්ද කෙරෙහි ඔහුගේ අවධානය යොමුව තිබුණේ නැත.
එහෙත් එය උත්සවය සංවිධානය කළ නිලධාරීන් පිළිබඳව බරපතළ ප්‍රශ්න මතුකරන අතර, එවැනි බරපතල වරදක් සිතාමතාම නියෝජ්‍ය ඇමතිවරයා අපසුතාවට පත්කිරීම සඳහා සිදුකළේදැයි අමාත්‍යාංශයේ කසුකුසුවක් පැතිරෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart