
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාවිකයින් 24 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් රැගත් පැනමා රාජ්‍යයේ ලියාපදිංචි ‘MV Ocean Winner’ නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව බෙංගාල බොක්ක මුහුදු තීරයේදී ගිලී යාමෙන් පසු අතුරුදන් වූ පිරිස සෙවීමේ විශේෂ සෙවුම් හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පරාදීප් වෙරළට නාවික සැතපුම් 240 ක් පමණ ඔබ්බෙන් වූ මුහුදේදී මෙම නෞකාව සමඟ පැවති සන්නිවේදන සබඳතා බිඳ වැටීමෙන් අනතුරුව, සෙනසුරාදා දින එය මෙලෙස ගිලී ගොස් ඇත.
නෞකාව ගිලී යාමෙන් පසු වෙන වෙනම පාවෙමින් තිබූ ජීවිත ආරක්ෂක බෝට්ටු දෙකක සිටි නාවිකයින් දෙදෙනෙකු මුදා ගැනීමට සමත්ව ඇති අතර, අතුරුදන්ව සිටින ඉතිරි නාවිකයින් 22 දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
අනතුරට පත්වන අවස්ථාවේදී නෞකාවේ චීන ජාතිකයින් 20 දෙනෙකු, මියන්මාර් ජාතිකයින් තිදෙනෙකු සහ බංග්ලාදේශ ජාතිකයෙකු සේවය කරමින් සිට ඇත.
අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය සහ ඉන්දියානු නාවික හමුදාව විසින් නෞකා යොදවා ඇති අතර, අදාළ මුහුදු කලාපයේ ගමන් ගන්නා අනෙකුත් නෞකාවලටද මේ පිළිබඳව දැනුම් දී සහාය පතා තිබේ.
යකඩ යපස් තොගයක් පටවාගත් ‘Ocean Winner’ නෞකාව අගෝස්තු 20 වැනිදා පරාදීප් වරායෙන් පිටත්ව ඇත්තේ සිංගප්පූරුව බලා ගමන් කිරීමේ අරමුණිනි. නෞකාව ගිලී යාමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart