
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමලිංගික විවාහ සඳහා අනුග්‍රහය දක්වන නීතිවලට ප්‍රමුඛත්වය දෙමින් රජය ජනතාවගේ හදිසි අවශ්‍යතා නොසළකා හරින බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ දැඩි විවේචනයක් එල්ල කරති.
සමලිංගික විවාහ සඳහා අනුබල දෙන පනත් කෙටුම්පත් දෙකක් රජය විසින් ගෙන ඒමට එරෙහිව ආගමික නායකයන් පිරිසක් කැඳවා තිබූ ජනමාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළකළහ.
“පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත මෙන්ම කාන්තා අයිතිවාසිකම් පිළිබඳ රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත ද ශ්‍රී ලංකාව තුළ ඉතා භයානක තත්ත්වයක් නිර්මාණය කිරීමේ උත්සාහයක් අනාවරණය කරනවා. විවාහය සහ පවුල් ජීවිතය කඩාකප්පල් කිරීමේ උත්සාහයක්. මේක වැරදියි කියලා මම විශ්වාස කරනවා,” කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
“කතෝලිකයන් වශයෙන් අපි විශ්වාස කරන්නේ විවාහයන් පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර සිදු විය යුතු බවයි. පිරිමින් දෙදෙනෙකු හෝ කාන්තාවන් දෙදෙනෙකු අතර විවාහය සිදුවිය නොහැකියි. පවුල යනු සමාජයේ පදනම වන අතර සෑම ආගමක්ම මෙය සත්‍ය බව පිළිගනී. පවුල කියන පදනම දෙදරා යන්න දුන්නොත් අපි රට විනාශයට මඟ පාදනවා. අපිට මේක පිළිගන්න බෑ.” යැයි උන්වහන්සේ සඳහන් කරති.
සමලිංගික ප්‍රවණතා ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිගන්නා නමුත් සමලිංගික විවාහ නීතිගත කිරීම සුදුසු ක්‍රියාමාර්ගයක් නොවන බව කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කළහ.
“ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිනවා. ඔවුන් සමාජයේ අනෙක් අයට සමාන අවස්ථා බෙදා ගත යුතු බව අපි විශ්වාස කරනවා. නමුත් මෙය නීතියට ඇතුළත් කිරීම සහ විවාහය සඳහා නිදහස් තේරීමක් කිරීම අප විශ්වාස කරන පරිදි වැරදියි.’ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart