November 21, 2025

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් බුත්තල පොලිසිය මගින් බුත්තල නගරයේදී පරීක්ෂා කිරීමේදී කුඩා දරුවකුගේ බෑගයක් තුළ සඟවා තිබූ වියළි ගංජා කිලෝ එකක් සොයාගෙන තිබේ.

වියළි ගංජා තොගය සමග එහි අයිතිකරු වූ බසයේ සිටි දරුවගේ පියා අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු කුඩාඔය බලහරුව ශ්‍රමදාන පාර පදිංචි 27 හැවිරිදි අයෙකි.

සැකකරු සහ නඩු භාණ්ඩ වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

බුත්තල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර තිබේ.