
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් වෙනුවෙන් අද පැවැත්වෙන අවසන් ප්‍රචාරක රැළි හෙට පුවත්පත් වල පළකළ හැකි නමුත් එම පුවත් හෙට විද්‍යුත් ජනමාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කිරීමේදී සිරස්තල පමණක් ඉදිරිපත් කරනු හැර ප්‍රවෘත්තියට අදාළ වෙනත් කිසිදු අදහසක් හෝ යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම කොමිසමේ සභාපති සියලුම ජනමාධ්‍ය ආයතන ප්‍රධානින් වෙත ලිපියක් යොමුකරමින් මේ බව අවධරණය කරයි.
එසේම අද පැවැත්වෙන අවසන් රැළි හෙට දිනයේ විද්‍යුත් ජනමාධ්‍ය මගින් එක් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක පමණක් ප්‍රචාරය කරන ලෙසද සභාපතිවරයා ඉල්ලා සිටියි.
මේ මස 20 සහ 21 යන දෙදින පුවත් සිරස්තල ඉදිරිපත් කිරීමේදී කිසිදු දේශපාලන ප්‍රවෘත්තියක් හෝ අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් ප්‍රවර්ධනය හෝ අගතියට පත්වන ආකාරයේ ඉදිරිපත් කිරීමක් නොකරන ලෙසද සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart