
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවමින් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය මහජනතාවගේ ආරක්ෂාව සඳහා වූවක් බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත කියා සිටියේ එය ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල යටතේ සිදුකෙරෙන සාමාන්‍ය ක්‍රියාපටිපාටියක කොටසක් බවයි.
“හදිසි නීතියක් නැතත් මහජනතාවගේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපතිවරයාට බලය තිබෙනවා. එය තනිකරම සෑම මසකම නිකුත් කෙරෙන සාමාන්‍ය ගැසට් පත්‍රයක්. කොහොම වුණත් එය සමාජ මාධ්‍යවල ප්‍රචලිත වෙමින් තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි සියලුම ආකාරයේ තර්ජන මේ වන විට හඳුනාගෙන ඇති බව පවසන සම්පත් තුයකොන්ත මේ වන විට මහජනතාව සාම්ප්‍රදායික නොවන තර්ජන රැසකට මුහුණ දී සිටින බව පැවසීය.
“ජනාධිපතිතුවරයාගේ නායකත්වය යටතේ මේ සියලු තර්ජන මහජනතාවට අපහසුතාවයක් නොවන අයුරින් විසඳීමට අපි බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත කියා සිටියේ ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීම තුළින් මෙම ගැටලුව විසඳීමට රජය අපේක්ෂා කරන අතර තාක්ෂණය සහ පුහුණුව ඇතුළුව සියලුම අංශ මගින් ත්‍රිවිධ හමුදාව දියුණු කිරීමට අදහස් කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart