
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකේය සමාගමක් විසින් ලොව ප්‍රථම වරට කැඩිලැක් එස්කැලේඩ් (Cadillac Escalade) රථයක් දකුණු පස ධාවනයට පරිවර්තනය කර තිබේ.
මෝටර් රථ ප්‍රති-ඉංජිනේරුකරණය පිළිබඳ විශේෂිත වූ Global Conversions විසින් මෙම සාර්ථක පරිවර්තනය සිදුකර ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Ras Al-Khaimahහි පිහිටා ඇති ශ්‍රී ලාංකික සමාගම GMC, Ford, Lincoln, Dodge, Chevrolet, Cadillac සහ එක්සත් ජනපදයේ නිෂ්පාදිත Toyota සහ Nissan වාහන වැනි වම්පසින් පදවන එක්සත් ජනපද සන්නාමයන් දකුණු පසින් ධානය සඳහා පරිවර්තනයට ප්‍රචලිතය.
නවතම පරිවර්තනය සිදුකර ඇත්තේ මෙම වසරේ මාර්තු මාසයේදී එම සමාගම විසින් සිදුකරනු ලැබු Hummer EV SUV දකුණු පස ධාවනයට ප්‍රථම වරට සාර්ථක ලෙස පරිවර්තනය කිරීම අනුගමනය කරමිනි.
ලොව ප්‍රථම Hummer EV SUV සහ Cadillac Escalade දකුණු පස ධාවනයට සාර්ථක ලෙස පරිවර්තනය කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට අයත් සමාගම මෝටර් රථ කර්මාන්තයේ කැපී පෙනෙන සන්ධිස්ථාන අත්කර ගෙන තිබේ.
Cadillac Escalade රථයක් දකුණු පස ධාවනයට පරිවර්තනය කිරීම පිළිබඳ අදහස් දක්වමින් Global Conversions හි නිර්මාතෘ සහ සභාපති සුරේෂ් එදිරිසිංහ පවසා ඇත්තේ මෙම වාහනය ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන පාරිභෝගිකයකු සඳහා පරිවර්තනය කළ බවයි.
“පළමු වතාවට ලොව පුරා නව කැඩිලැක් එස්කැලේඩ් දකුණු පස ධාවනය සඳහා හඳුන්වා දීම ගැන මගේ කණ්ඩායම ගැන මම අතිශයින් ආඩම්බර වනවා. නැවත වරක් අපි අපගේ සේවය ලෝකයට ඔප්පු කර තිබෙනවා. අපි අපේ ඉංජිනේරුමය විශිෂ්ටත්වය ගැන ආඩම්බර වන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart