
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය සංශෝධනය කිරීමටත්, ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව පැවසුවේය.
2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර තිබිණි.
ඒ අනුව සංශෝධන පහත පරිදි වේ.
1. 2025-04-01 සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17,500 සිට රුපියල් 27,000 දක්වා රුපියල් 9,500 කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීම
2. 2025-04-01 සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 සිට රු.1080 දක්වා රුපියල් 380 කින් ඉහළ නැංවීම.
3. 2026-01-01 සිට ක්‍රියාත්මක වන පරිදි 27,000 සිට රුපියල් 30,000 දක්වා රුපියල් 3,000 කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවිම
4. 2026-01-01 සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා රුපියල් 120 කින් ඉහළ නැංවීම
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart