June 21, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුව අතර පසුගිය සති කිහිපය තුළ කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා පැවැත්වුණද එය ප්‍රමාදවීමට එකම හේතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමැතිධූර ඉල්ලීම බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මෑත කාලීන රැස්වීම්වලදී, පක්ෂයේ කැපී පෙනෙන මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට අමාත්‍යාංශ ලබාදෙන ලෙස ඉල්ලීම් ලැබී ඇත.

පවතින දුෂ්කරතා සහ ආර්ථික අර්බුද මධ්‍යයේ කටයුතු කළ හැකි මන්ත්‍රීවරුන්ට පමණක් ඇමැතිධූර ලබාදෙන බව ජනාධිපතිවරයා පවසා ඇත.

කෙසේවෙතත් ඉදිරියේදී සංශෝධනය වීමට ඉඩ ඇති ප්‍රධාන ඇමැතිධූර අතුරින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැතිධූර ඉදිරියෙන්ම පවතී.

ජනාධිපතිවරයා මේ වන විට තමන් සමඟ සාකච්ඡා කරමින් සිටින විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුටද ඇමැතිධූර ලබාදීමට අපේක්ෂාවෙන් සිටියි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පාක්ෂිකයන්ට වැඩි ඇමැතිධූර ලබාදීමට අපොහොසත් වුවද, ජනාධිපතිවරයාට අඛණ්ඩව සහය දෙන බව අවධාරණය කරයි.

එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ, ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පක්ෂය බොහෝ දුරට සහාය දැක්වීමට ඉඩ පැවතීමය.

(Daily Mirror)