
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් දඹුල්ල දිගම්පතහ අතරමැදි කඳවුර ආසන්නයේදී ලොරි රථයක ගැටී ඊයේ (10) රාත්‍රී සිදුවූ අනතුරකින් එක් කාන්තාවක් මියගොස් තවත් නවදෙනෙකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි සීගිරිය පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ, හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි සන්ධ්‍යා කුමාරි නමැති 44 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කියයි.
බරපතල තුවාල ලැබූ අවුරුදු තුනක පමණ කුඩා ගැහැණු දරුවෙක් මහනුවර රෝහලට මාරුකර යැවූ බව දඹුල්ල මූලික රෝහලේ ප්‍රකාශකයකු පැවැසීය.
දඹුල්ල ඉනාමලුව ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල්‍යයකට සහභාගි වී මෙම ඥාතීන් පිරිස හිරිවඩුන්න ප්‍රදේශයට ගමන් කරමින් සිට ඇති අතර හබරණ දෙසින් දඹුල්ල දෙසට යෝගට් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇත.
අනතුරින් කැබ් රථයේ ගමන් කළ සියලු දෙනාම තුවාල ලබා ඇතැයි සීගිරිය පොලිසිය පැවැසීය.
මංගල සාදය තිබුණු හෝටලයේ සිට අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටර් හතරක් පමණ දුරකදී අනතුර සිදු වී තිබෙන බවත් කැබ් රථයේ රියදුරගේ අපරික්ෂාකාරී රිය ධවානය මෙම අනතුරට හේතු වී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් සීගිරිය පොලිසියේ නිලධාරීහු පවසති.
අනතුරට පත් කැබ් රථය සහ ලොරි රථය මේ වන විට සීගිරිය පොලිසියට රැගෙන ගොස් තිබේ.
අනතුරට පත් බොහෝදෙනකුගේ හිස ප්‍රදේශයට බරපතල තුවාල සිදුවී ඇති බව රෝහාල් ප්‍රකාශකයෙකු පැවැසීය.
මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද දඹුල්ල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.
අනතුර සම්න්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart