
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රේගුව විදුලි වාහන නිෂ්කාශනය කිරීමේදී BYD වාහන පමණක් රඳවා තබාගනිමින් වෙනස් කොට සැලකීමකින් කටයුතු කරන බවට BYD විද්‍යුත් වාහන අලෙවියේ මෙරට නියෝජිතයා වන John Keells CG Auto සමාගම චෝදනා කරයි.
නිවේදනයක් නිකුත් කරමින් සමාගම කියාසිටියේ, රේගුව විසින් වෙනත් විද්‍යුත් වාහන ස්වාධීන පරීක්‍ෂණයකට ලක්කර නොමැති බවයි.
බැංකු ඇපකරයක් මත සමාන මාදිලි නිකුත් කරන ලෙස අධිකරණය මීට පෙර නියෝග කර තිබියදීත්, BYD වර්ගයේ වාහන නැව්ගත කිරීම් දිගින් දිගටම අත්හිටුවා ඇති බවත් එම ආයතනය අධිකරණයට දැනුම් දී තිබේ.
ලොව විශාලතම විද්‍යුත් වාහන නිෂ්පාදකයා වන BYD විසින් සපයන ලද සාක්ෂි රේගුව නොසලකා හැර ඇති බවට ද ජෝන් කීල්ස් ආයතනය චෝදනා කර ඇත.
මෘදුකාංග යාවත්කාලීන කිරීම් හරහා විද්‍යුත් වාහන කාර්යසාධනය වැඩිදියුණු කිරීම පිළිබඳ ප්‍රකාශයන් ‘තාක්ෂණිකව වැරදි’ බව සමාගම වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.
BYD හි කාර්යසාධන ප්‍රමිතීන් දැනටමත් ගෝලීය වශයෙන් සහතික කර ඇති බව පවසන ජෝන් කීල්ස් සමාගම පවසන්නේ, වාහන කාලෝචිත ලෙස නිෂ්කාශනය කිරීම සහතික කිරීම සඳහා බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ ශ්‍රී ලාංකිකයින්ට ඉහළම ගුණාත්මකභාවයකින් යුත් නව විදුලි වාහන සඳහා ප්‍රවේශය ලබා දීමට සිය කැපවී සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart