
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රමාණවත් දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් ඉන්දීය දකුණත් පිහිකරු KL රාහුල් ඉන්දීය ජාතික කණ්ඩායමින් ඉවත් කර ඇති අතර, ඔහු මේ වන විට ඉන්දීය A කණ්ඩායමට ක්‍රීඩාකරයි.
ඉන්දියානු A කණ්ඩායම මේ දිනවල ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින අතර, රාහුල්ද ඒ සඳහා සහභාගී වෙයි.
ඒ අනුව මෙල්බර්න් හි පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේදී පන්දුවට පහරදීම ආරම්භ කළ KL රාහුල් පන්දු 44කදී ලකුණු 10කට දැවීගියේය.
විශේෂත්වය වන්නේ ඔහු එහිදී දැවීගිය ආකාරයයි.
දඟපන්දු යවන ක්‍රීඩක Corey Rocchiccioli යැවූ පන්දුවක් රාහුල්ගේ දෙපා අතරින් ඇදී ගොස් කඩුල්ලේ වැඩෙන අතර, එම දැවීයෑම සිදුවූයේ කෙසේදැයි එකවර අවබෝධ කරගැනීමට ක්‍රීඩකයන්ටද මද වෙලාවක් ගත විය.
රාහුල් උත්සාහ කරන ලද්දේ පන්දුව නිදැල්ලේ කඩුලු රකින්න වෙත යැවීමටය.
එහෙත් පන්දුව ඔහුගේ වම කකුළේ පළඳි පා ආවරණයේ වැදී දෙපා අතරින් ගමන්කර කඩුල්ලේ වදියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart