
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැඩ තහනමට ලක්වූ පොලිස් විශේෂ කාර්ය බළකා පොලිස් කොස්තාපල්වරයකුගේ නිවසින් විවිධ වර්ගවල ගිනිඅවිවලට යොදන උණ්ඩ ඇතුළු භාණ්ඩ රැසක් සොයාගත් බව මාතර පොලිසිය පවසයි.
පසුගිය පහළොස්වැනිදා නාවිටන, රුවන්වැල්ල ප්‍රදේශයේ දී ගිනිඅවියකින් වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධව වැඩ තහනමට ලක්ව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවසින් තංගල්ල විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් මෙම භාණ්ඩ සොයා ගත් බව මාතර පොලිසිය අනාවරණය කරයි.
එම නිවසේ තිබී කැලෑ නිල ඇඳුමක්, දුඹුරු පාට බූට් යුගලයක්, පොලිස් විශේෂ කාර්ය බළකා ලාංඡනයක්, දණිස් ආවරණ ජෝඩුවක්, මිලිමීටර් නමය වර්ගයේ මාදිලි තුනක උණ්ඩ අටක් සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට මාතර පොලිසිය මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart