
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ අන්තර්ජාතික ‘පැන්ඩා රාජ්‍යතාන්ත්‍රික ව්‍යාපාරයේ’ නවතම පරිච්ඡේදය ලෙස යෝධ පැන්ඩාවන් දෙදෙනකු අමෙරිකාවේ වොෂින්ටන් හි සත්වෝද්‍යානයකට රැගෙනවිත් තිබේ.
‘Panda Express’ ලෙස නම් කර ඇති FedEx Boeing 777F භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම සතුන් අමෙරිකාවට රැගෙනවිත් ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
Bao Li නමැති පිරිමි පැන්ඩාවකු සහ Qing Bao නමැති ගැහැණු පැන්ඩාවකු චීනයේ Chengdu සිට අමෙරිකාවේ Dulles ගුවන් තොටුපළ වෙත රැගෙන එන ලද බව Smithsonian ජාතික සත්වෝද්‍යානය තහවුරු කර තිබේ.
අවුරුදු තුනක් පමණ වයසැති එම පැන්ඩා සතුන් ගුවන් තොටුපලේ සිට ට්‍රක් රථවල පටවා වොෂින්ටන් නුවර Smithsonian සත්වෝද්‍යානයේ ඔවුන්ගේ නව නිවස වෙත රැගෙන විත් ඇතැයි විදෙස් ජනමාධ්‍ය පවසයි.
“Bao Li සහ Qing Bao ඔවුන්ගේ කූඩුවලින් පිටතට ගෙන නව ගෘහස්ථ පරිසරයට පුරුදු කිරීමට පටන්ගෙන ඇති අතර, එහි පාලකයන් පැන්ඩාවන්ගේ ආහාර ලෙස උණ බම්බු තබා ඇත,” යැයි සත්වෝද්‍යාන නිවේදනය කරයි.
එම පැන්ඩා සතුන් අවම වශයෙන් දින 30 ක් නිරෝධායනය කරනු ලබන අතර 2025 ජනවාරි 24 දක්වා මහජන ප්‍රදර්ශනයට නොතබන බව ද සත්වෝද්‍යානය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart