
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පැරෂුට් පිනුම්කරුවකුවන බ්‍රිතාන්‍ය ජාතික 33 හැවිරිදි නති ඔඩින්සන් (Nathy Odinson) තායිලන්තයේ පතායාහි දී සිදුකළ පැනීමකදී පැරෂුටය විවෘත නොවීමෙන් මිය ගොස් තිබේ.
පසුගිය සෙනසුරාදා රාත්‍රී 7.30ට පමණ ඔහු නගරයේ වෙරළ නිවාඩු නිකේතන ප්‍රදේශයේ මහල් 29ක ගොඩනැගිල්ලකින් බිමට පැනීමත් සමඟ මෙම සිද්ධිය සිදුව ඇත.
නති ඔඩින්සන් මිතුරන් කිහිපදෙනකු සමඟ ගොඩනැගිල්ලේ වහලයට ප්‍රවේශ වී ඇති අතර, ඔවුන් සමාජ මාධ්‍ය සඳහා අදාළ දර්ශන රූගත කර තිබේ.
මියගිය පුද්ගලයා බිමට පැනීමට භාවිත කළ පැරෂුටය ක්‍රියා විරහිත වී ඇති බව Bang Lamung දිස්ත්‍රික් පොලිස් ස්ථානයේ නියෝජ්‍ය විමර්ශන පරීක්ෂක, පොලිස් ලුතිනන් Kamolporn Nadee අන්තර්ජාතික ජනමාධ්‍ය වෙත පවසා ඇත.
එමෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අබ්වත්, ඔවුන් පැරෂුටය පරීක්ෂා කරන බවත්, පොලිස් ලුතිනන්වරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart