
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැඩි මිලට වෛද්‍ය උපකරණ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සම්බන්ධයෙන් අල්ලස් කොමිසම 2023 වසරේදී ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
එමෙන්ම මේවන්විට අත්අඩංගුවට ගෙන සිටින වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනා විසින් සිදුකළ වංචාව පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වී ඇති බව ජනමධ්‍ය වාර්තා කරයි.
සැකකාර වෛද්‍යවරිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකර ඇති විමර්ශන අනුව අනාවරණය වී ඇත්තේ අදාළ වෛද්‍යවරිය ස්නායු ශල්‍යකර්ම සඳහා අවශ්‍ය වන External Ventricular Drain (EVD) සහ ventriculoperitoneal (VP) Shunt නමැති වෛද්‍ය උපකරණ රෝගීන්ට තුන්වැනි පාර්ශවයක් හරහා වෙළෙඳපොළ මිලට වඩා වැඩි අගයකට අලෙවි කර ඇති බවයි.
අදාළ වෛද්‍ය උපකරණවල වෙළඳපොළ වටිනාකම රුපියල් 30,000 ත් 60,000 ත් අතර මිලක පැවතුන ද සැකකාර වෛද්‍යවරිය ඒවා අලෙවි කර ඇත්තේ රුපියල් 120,000 සහ 250,000 ත් අතර මුදලකට බව අනාවරණ වී ඇත.
සැකකාර වෛද්‍යවරියගේ සැමියා විසින් ආරම්භ කරන ලද සමාගමක් හරහා මෙම ජාවාරම පළමුව සිදුකර ඇති බවත්, ඔහුගේ මරණයෙන් පසු ඇයගේ නමින් අදාළ ගනුදෙනු සිදුකර ඇති බවත් අනාවරණ වී තිබේ.
ඇය මෙම ශල්‍ය උපකරණ විශාල මිලකට අලෙවි කර ඇත්තේ, මෙම ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන අනෙක් සැකකරුවන් දෙදෙනාගේ සහාය ඇතිවය.
වාර්ෂික ඇස්තමේන්තු මගින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට මෙම උපකරණ ලබාගත හැකි වුවද සැකකාර වෛද්‍යවරිය එම ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර මෙම ජාවාරම සිදුකර තිබේ.
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ දුරකථන අංකය මෙම වෛද්‍යවරිය විසින් රෝගීන්ගේ පවුල්වල ඥාතීන්ට ලබාදී සැකකරු හරහා මෙම උපකරණ අලෙවි කර ඇති බව ද පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.
එම උපකරණ අලෙවියෙන් ලැබුණු මුදල් සැකකාර වෛද්‍යවරියගේ සහ අදාළ පුද්ගලයාගේ ගිණුම්වලට බැරකර ඇති බව අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එමෙන්ම රෝගීන්ට වෙනත් ඖෂධහල් වෙතින් මෙම උපකරණ මිලදී ගැනීම වැළැක්වීම සඳහා සැකකාර වෛද්‍යවරිය එම රෝගීන්ට ඔවුන්ට අදාළ බෙහෙත් වට්ටෝරුව ලබා නොදී මෙම ජාවාරම සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart