
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බෙල්ට් රෝඩ් මුලපිරීම(BRI ) නව අදියරකට අවතීර්ණ වී ඇති අතර පාකිස්තානය ඒ සම්බන්ධයෙන් චීනය කෙරෙහි ‘අන්ධ විශ්වාසයක්’ තබා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
පසුගිය සතියේ පැවැති චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් සංසදයේදී පකිස්තානයේ භාරකාර අගමැති අන්වාර්-උල්-හක් කකාර් ගිවිසුම් ගණනාවකට එකඟ වූ නමුත් මූල්‍ය බාධාවන් සහ ආරක්ෂක තර්ජන තවමත් ව්‍යාපෘතිවලට බාධාවක් විය හැකි බවට විශේෂඥයින් අනතුරු ඇඟවූ බව Nikkei Asia පුවත් සේවය.වාර්තා කර ඇත.
කකාර්, චීන ජනාධිපති ෂී ජින්පින්ග් හමුවෙමින්, ලෝකයේ අංක 2 ආර්ථිකය සමඟ පාකිස්තානයේ හවුල්කාරිත්වය හැඳින්වූයේ “ස්වර්ගයට මගක් සාදන්නක්” ලෙසිනි.
පාකිස්ථානය සහ චීනය මෙහිදී එකඟවී ඇති ප්‍රධානතම ව්‍යාපෘතියක් වන්නේ කරච්චි සහ පෙෂාවර් අතර කිලෝමීටර් 1,700 කට වඩා වැඩි දුම්රිය මාර්ග පද්ධතියේ වැඩ ආරම්භ කිරීමයි.
Nikkei Asia වාර්තා කර ඇති ආකාරයට, බීජිං හි පාකිස්තාන නියෝජිත මොයින් උල්-හක්ට අනුව, දෙපාර්ශ්වයම සැලසුම් මාලාවක් සඳහා ගිවිසුම් 20 ක් සහ අවබෝධතා ගිවිසුම් අත්සන් කළ බව කියනු ලැබේ.
දෙපාර්ශවය එකඟවී ඇති අනෙකුත් ව්‍යාපෘති අතර, පකිස්ථානයේ පිරිපහදු ධාරිතාව ඉහළ නැංවීම සඳහා චීනයේ යුනයිටඩ් බලශක්ති සමූහය විසින් ඩොලර් බිලියන 1.5 ක ආයෝජනයක් ද, හිම නිසා ශීත ඍතුවේ දී වැසී යන අසල්වැසියන් අතර වෙළඳ මාර්ගයක් වන Khunjerab Pass සියලු කාලගුණික තත්ත්වයන් ඔරොත්තු දෙන පරිදි සකස් කිරීමේ ව්‍යාපෘතියක් ද වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart