
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතර බන්ධනාගාරයේ රැඳවියකු මොළේ උණ බවට සැකකෙරෙන අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
ආරංචි මාර්ග සඳහන් කළේ මීට මාස 03කට පමණ පෙර බන්ධනාගාරගත කර සිටි 24 හැවිරිදි රැඳවියා ඊයේ (20) රාත්‍රියේ මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි.
අදාළ රැඳවියා මොළේ උණ වැළඳීමෙන් මිය යන්නට ඇති බවට සැක කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව ද වාර්තා වේ.
මේ අතර දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබන තවත් රැඳවියකු ද එම රෝග ලක්ෂණවලින් පෙළෙන බව පැවසේ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මාතර බන්ධනාගාරයෙන් මොළේ උණ රෝගීන් වාර්තා වූ අතර රැඳවියන් කිහිප දෙනෙකු මියගොස් ද තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart