
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ පැවති ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේදී ‘බෝර්න් අගේන්’ ආගමික නිකායේ බලපෑමක් සිදුවී තිබේදැයි සොයා බැලීමේ විමර්ශනයට අදාළ රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ දැනුම්දුන්නේය.
අදාළ විමර්ශනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වා සහ එහි හිටපු ලේකම් මොහාන් ද සිල්වා යන ය විසින් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ විසින් මෙම දැනුම්දීම සිදුකළේය.
ඒ අනුව, අදාළ විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා කාලය ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අදාළ පෙත්සම ජනවාරි මස 29 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල, එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම්දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග කළහ.
ඕස්ට්‍රේලියාවේ පැවති ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේදී බෝර්න් අගේන් ආගමික නිකායේ බලපෑමක් සිදු වී තිබේදැයි සොයා බැලීම සඳහා හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුවක් පත්කෙරුණු බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කර ඇත.
ඒ අනුව විමර්ශන සිදුකළ එම කමිටුව ඊට අදාළ නිර්දේශ ක්‍රීඩා ඇමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවත්, එම කමිටු නිර්දේශ මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ඉදිරි පියවර ගැනීම වැළැක්වාලමින් තහනම් නියෝග නිකුත් කරන ලෙසද ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart