
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගම්පහ – අක්කරවිට ප්‍රදේශයේ ඉදිකරමින් පවතින වැසිකිලි වළක තිබී ඝාතනය කළ බවට සැකකෙරෙන 14 හැවිරිදි දැරියකගේ මළසිරුරක් සොයාගෙන තිබේ.
තම දියණිය දෙසැම්බර් 02 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට දරුවාගේ මව ඊයේ ගම්පහ පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
එම පැමිණිල්ලට අනුව ගම්පහ පොලිසිය විසින් ආරම්භ කරන ලද පරීක්ෂණයකදී අතුරුදන්වීමේ සුලමුල සොයාගෙන ඇත.
ඇයගේ පැමිණිල්ලේ දරුවාගේ මව තම දෙවැනි සැමියා පිළිබඳව සැක මතුකර තිබේ.
පැමිණිල්ල සහ විමර්ශනයේදී රැස්කරගත් අනෙකුත් තොරතුරු මත මෙම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රශ්න කිරීමේදී, දරුවා ඝාතනය කර ඇගේ සිරුර නිවස පිටුපස ඉදිකරමින් තිබූ වැසිකිළි වළකට දමා කොන්ක්‍රීට් ලෑල්ලකින් වළ වසාදැමූ බවට පුද්ගලයා පාපොච්චාරණය කර තිබෙන බව පොලිසිය පවසයි.
අපරාධය සිදුවූ ස්ථානයට පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතව තිබිණි.
ගම්පහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart